Deprecated: Function Elementor\DB::is_built_with_elementor is deprecated since version 3.2.0! Use Plugin::$instance->documents->get( $post_id )->is_built_with_elementor() instead. in /var/www/clients/client1/web3/web/wp-includes/functions.php on line 5379
Astro Gem Healing - රතු කොරල්

රතු කොරල්

Share

ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව සෘෂිවරුන් විසින් කුජ ග්‍රහයා වෙනුවෙන් නිර්දේශකොට ඇති මැණික් විශේෂයයි. කොරල් යනු සාගර පතුලේ හි පවතින කෝරලියම් (Corallium) කුලයට අයත් සත්ව විශේෂයකි. රතු කොරල් ( Precious Coral) යනු, රතු වර්ණයේ සිට රෝස මිශ්‍ර තැඹිලි වර්ණය හා තැඹිලි වර්ණය දක්වා වර්ණ පරාසයකින් හමුවන ස්වර්ණාභරණ සදහා යොදාගනු ලබන කොරල් ඇටසැකිලි (Skeleton) වේ.

කොරල් කාබනික (organic) මැණික් විශේෂයක් ලෙස රත්න විද්‍යාවේ දී හදුන්වන අතර රසායනික සංයුතිය කැල්සියම් කාබනේට් (CaCO3) වේ. අනිකුත් Inorganic මැණික් විශේෂ වලට සාපේක්ෂව මේවාහි විශිෂ්ට ගුරුත්වය 2.65 වැනි අඩු අගයක් ගන්නා අතර, වර්ථනඅංකය 1.486 – 1.658 වැනි අගයක් ගනී. එම නිසා, අතට දැනෙන බර හා inorganic මැණික් පාෂාණ මෙන් විශාල දීප්තියක් ද දැක ගත නොහැක. වෙළඳපල තුළ කැල්සියම් කාබනේට් යොදා සකසන ලද ව්‍යාජ කොරල් ද ඇති නිසා, මිලදී ගැනීමේදී විශ්වාසවන්ත සැපයුම් කරුවෙකු ගෙන් ලබා ගැනීම හෝ පිළිගත් රසායනාගාර පරීක්ෂණ සහතිකයක් සමඟ හෝ ලබා ගැනීමට වගබලාගත යුතුය. ඇතැම් විට යම් රසායනික ප්‍රතිලාභ ලැබුණ ද, ජෝතිෂ්‍යය කරුණු සැලකිල්ලට ගෙන පැලඳීමේදී එවැනි මැණිකක් තුළින් ස්වාභාවික ශක්තීන් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බැවින් නිසි ප්‍රතිලාභ ලබාගත නොහැක.

රතු කොරල් කුජ ග්‍රහයා වෙනුවෙන් නිර්දේශ කොට ඇති මැණික් විශේෂය වේ. විශේෂයෙන්ම, එහි පවතින වර්ණය ප්‍රධාන වශයෙන් කුජ ශක්තිය ජනනය කිරීමට බලපායි. එසේම, මෙහි පවතින රසායනික ශක්තිය මගින් අස්ථි ආබාධ සුව කිරීමට උපකාරී වීම, රුධිර වර්ධනයට උපකාරී වීම, මානසික ශක්තිය වර්ධනය වීමට උපකාරී වීම, ක්ෂය රෝග, ආහාර මාර්ගවල රෝග, උෂ්ණ රෝග වලට ප්‍රතිකර්මයක් ලෙස උපකාරී වීම, ධාතු වර්ධනයට උපකාරී වීම වැනි ප්‍රතිලාභ ලබාගත හැකිය.

රතු කොරල් වල පවතින මූලද්‍රව්‍ය වල රසායනික සංයුතියේ බලපෑමත්, වර්ණ තරංගමය ශක්තීන්හි ආකර්ෂණ හැකියාව හා අනිකුත් ශක්තීන් හි බලපෑමත් මත, අපගේ කායික හා ආධ්‍යාත්මික ශරීරයේ ඇතිවන සමතුලිත භාවයන් නිසා ජීවිතයේ යහපත් ප්‍රතිපල උදාකරගැනීමට රතු කොරල් වැනි භෞතික මෙවලම් උපකාරී කරගත හැකිය.

අප සෑම මොහොතකම මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ, සියලුම දේට වඩා බලවත් ම දේ අපගේ “මනස” බවයි. මිනිසාගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරගැනීම සඳහා මිනිසා විසින් විවිධ මෙවලම් භාවිතා කරයි. එසේම මැණික් පාෂාණ යනු එවැනිම ආකාරයේ මෙවලමකි. මැණික් තුළ පවතින වර්ණ තරංගමය, කම්පන ශක්තීන් හා රසායනික ගුණ නිසියාකාරව අවබෝධ කින් යුතුව භාවිතා කිරීමෙන් මිනිසාගේ එදිනෙදා ජීවිතය හොඳින් පවත්වාගෙන යාම සඳහා උපකාරී කරගත හැකිය.

මේවා පඩි පෙළක අත්වැටක් වැනිය. පඩිපෙළක් නැගීම සඳහා අත් වැටක් අත්‍යාවශ්‍යම නැත. නමුත්, ඇත්වැටක් තිබීම පඩිපෙළ නැගීමට පහසුවක් වනු ඇත. මැණික් ගලක් භාවිතා කිරීම ද එසේය. එම නිසා අන්ධ භක්තියකින් තොරව, අවබෝධයෙන් යුතුව අපට ජීවිතයේ හමුවන ඕනෑම මෙවලමක් යොදාගත හැකිය.

අවබෝධයෙන් යුතුව පළඳින්න. ඔබට ජය!

කතෘ © එන්. ඩී. ලියනගේ
© කතෘ අයිතිය සුරකින්න

https://youtu.be/vUGcVrqsexE

Leave a Comment

Your email address will not be published.

Shopping Cart