ටයිගර් අයි – ප්‍රවණතා අනුකරණයෙන් ඔබ්බට අවබෝධයෙන් පළදින්න

ස්වාභාවික ටයිගර් අයි මැණික් පාෂාණ පළඳනාව.
Silicate පාෂාණ පවුලේ මැණික් වර්ගයක් වන tigers eye ලඳනාව මෑත කාලයේ දී ශ්‍රී ලාංකිකයන් අතරට ආ නව විලාසිතා ප්‍රවණතාවයකි. නමුත් මෙහි ඇති සත්‍ය ශක්තීන් පිළිබඳව අවබෝධයකින් යුතුව පැළඳීම යෝග්‍යවේ . මෙම පාෂාණය සතුව ඇති කම්පන තරංගමය හා රසායනික ශක්තිය පිළිබඳව හරි අවබෝධයකින් යුතුව පලඳින්නේ නම් එහි ඇති ශක්තිය ඵලදායි ලෙස භාවිතා කළ හැකි අතර ඒ සඳහා කලයුතු සහ නොකළ යුතු දෑ බොහෝමයක් පවතී.

සරල උදාහරණයක් ලෙස silicate පවුලේ බොහෝ පාෂාණ සතුව ඇති energy absorbing power නැතහොත් ශක්තිය අවශෝෂණය කර ගැනීමේ හැකියාව නිසා ධනාත්මක ශක්තීන් මෙන්ම ඍණාත්මක ශක්තීන් ද අවශෝෂණය වීමට ඉඩ ඇත. එමනිසා මේවා පැලඳීමේදී කළ යුතු සහ නොකළ යුතු දෑ සම්බන්ධව පළඳින පුද්ගලයා සතුව අවබෝධයක් තිබිය යුතුය. එය මෙම පාෂාණය තුළ පවතින විවිධ ශක්තීන් අතුරින් එකක් පමණි. මෙය විශාල විෂය පද්ධතියක් බැවින් හරිහැටි දැනගෙන අවබෝධයෙන් පැළඳීම කළ යුතුය.
එසේම මැණික් වියාපාරය යන විශ්වාසය මත පදනම්ව ගනුදෙනු වන ව්‍යාපාරයක් බැවින් අනුකරණ වලට නොරැවටී නිවැරදියි මැණික පැළඳ අදාල ප්‍රතිලාභ ලබාගැනීමත් ඔබගේ වටිනා කාලය සහ ධනය ඉතිරි කර ගැනීමටත් වගබලා ගත යුතුය. මේ වන විට විශ්ව ශක්තිය වැනි වචන යොදා ගනිමින්, මේවා ට සම්බන්ධ කොට අනවශ්‍ය ලෙස අවභාවිතා වන ආකාරයක් වෙළඳපොල තුළ ව්‍යාජ වෙළඳ මහතුන් විසින් නිසි අවබෝධයකින් තොරව සෘණාත්මක අලෙවිකරණය සිදු කරමින් පවතින බැවින් පාරිභෝගිකයා සැලකිලිමත් විය යුතුය

නව විලාසිතා ප්‍රවනතා අනුගමනය කිරීමෙන් ඔබ්බට අවබෝධයෙන් පලඳින්න

කතෘ අයිතිය සුරකින්න ©astro_gem_lanka

දුරකථන: +94 76 62944 53 ( වයිබර් / වට්ස්ඇප් )

මානව ඕරාව සහ සප්ත චක්‍ර

පුරාණයේ දී සුෂිවරුන් හට කිසියම් වූ පුද්ගලයෙක් දුටු  විගස එම පුද්ගලයා සතු ගති ලක්ෂණ, ලෙඩරෝග, ආබාධ වැනි දෑ අවබෝධ කරගැනීමට හැකියාවක් තිබූ බව අප දන්නා කරුණකි. මෙම විශ්ලේෂණය සිදුකිරීම සඳහා ප්‍රධාන වශයෙන් සෘෂිවරුන් යොදාගෙන ඇත්තේ මානව ශරීරය තුළින් පිට වන ආලෝක කිරණ පද්ධතියයි. මෙය මිනිසාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විද්‍යුත් චුම්බක තරංග ක්‍රියාවලියක් මගින් නිර්මාණය වන්නාවූ වර්ණ තරංග පද්ධතියකි. මෙය මානව ඕරාව ලෙස හඳුන්වනු ලබයි.

සූර්යයාගේ ආලෝක කිරණ වර්ණ හතකින් සමන්විත බව අප දන්නා කරුණකි. නමුදු මෙම වර්ණ පියවි ඇසට දැක ගැනීම සඳහා සූර්ය කිරණ ප්‍රිස්මයක් හරහා යැවිය යුතු වේ. එසේම සූර්යයාගේ කිරණ ජලවාෂ්ප හරහා ගමන් කිරීම මගින් දේදුන්න නිර්මාණය වන අතර එමඟින් ද සූර්යයාගේ මෙම වර්ණාවලිය දැකගත හැකි වේ. එලෙස සූර්යයාගේ වර්ණ දැක ගන්නා සේ, මානව ඕරාවේ පවතින මෙම වර්ණ දැක ගැනීම සඳහා ආධ්‍යාත්මික සිත දියුණු කරගත යුතු වේ.

මෑත දශක කිහිපයකට පෙර රුසියානු ජාතික සිමියොන් කිරිලියන් වැනි විද්‍යාඥයින් විසින් තාක්ෂණික වශයෙන් ඕරාව හඳුනාගැනීම සඳහා පර්යේෂණ පවත්වා, ගත් ආරම්භක උත්සාහයන්ගෙ ප්‍රතිඵල ලෙස වර්තමානය වන විට  මිනිසාගේ ශරීරය වටා පවතින මෙම ආලෝක පද්ධතිය පරික්ෂා කිරීම සඳහා උපකරණ නිර්මාණය කර ඇත. අධ්‍යාත්මික ඉහල තලයක නොමැති පුද්ගලයන් හට පවා මෙම මානව ඕරාව පරීක්ෂා කර ගැනීම සඳහා එවැනි උපකරණ හෝ නිර්මාණය කර තිබීම ඉතා අගනේය. නමුත් අප තුළ පවතින අත්දැකීම් හා පුරාණ දැනුම අනුව මෙම උපකරණයක් මඟින් මිනිසාගේ ශරීරය වටා පවතින ආලෝක කිරණ ද්ධතියේ පවතින සියලු ශක්ති ශ්‍රේෂ්ත්‍ර ආවරණය නොවන බව කිව යුතුය. ඒ සඳහා ආධ්‍යාත්මිකව සිත ඉහළ මට්ටමක පැවතිය යුතුමය.

ප්‍රධාන වශයෙන් මානව ඕරාව තුළ පවතින වර්ණ 7 පහත දැක්වේ.

1. රතු 
2. තැඹිලි
3. කහ
4. කොළ
5. ලා නිල්
6. ඉන්දිගෝ
7. දම්

මෙම රැස්මාලාව මිනිසාට පමණක් නොව සතුනට ගස්වැල් වලට  පවා පවතින අතර මානව ඕරාව  මේ අතරින් සුවිශේෂී වේ. මානව ඕරාව ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී ඇත්තේ ආධ්‍යාත්මික ශරීරය සමඟයි. එසේම එහි ඇති අසමතුලිතතාවයන් නිසා භෞතික ශරීරයට බලපෑම් ඇති වෙනවා සේම භෞතික ශරීරයේ ඇති අසමතුලිතතාවයන් ද මෙම මානව ඕරාවේ ඇති ශක්ති ක්ෂේත්‍රයන් අසමතුලිත වීමට බලපායි. එබැවින් අධ්‍යාත්මික ශරීරය හා භෞතික ශරීරය අතර පවතින අන්තර් සම්බන්ධතාවය ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගත හැක.

මෙම ආලෝක ධාරාවන් නිකුත්කරන භෞතික ශරීරයේ පවතින ස්ථාන හතක් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කතා කළ යුතුය. මනුෂ්‍යයාගේ  පවතින ප්‍රධාන ප්‍රාණය රැඳෙන මංසන්ධි 7 සප්ත චක්‍ර ලෙස හඳුන්වනු ලබයි. මෙම ආලෝක ධාරාවන් මෙම සප්ත චක්‍ර පවතින ස්ථාන තුළින් වෙන් වෙන් වශයෙන් සංකලනය වී මුළු සිරුර පුරාම පවතී. ඒ එ චක්‍ර  හා ඊට අදාල වර්ණයන් පහත දැක්වේ.

1. රතු 

+ සිංහල = මූලාධාර චක්‍රය
+ English = Base Chakra
+ ස්ථානය = කොදු නාරටිය කෙලවර

2. තැඹිලි

+ සිංහල = ස්වාධිස්තාන චක්‍රය
+ English = Root Chakra/ Sacral
+ ස්ථානය = නාභිය

3. කහ

+ සිංහල = මනිපූර චක්‍රය
+ English = Navel Chakra/ Solar Plexus
+ ස්ථානය = ආමාශය

4. කොළ

+ සිංහල = අනාගත චක්‍රය
+ English = Heart Chakra
+ ස්ථානය = හදවත

5. ලා නිල්

+ සිංහල = විශුද්ධා චක්‍රය
+ English = Throat Chakra
+ ස්ථානය = උගුර

6. ඉන්දිගෝ

+ සිංහල = ආඤා චක්‍රය
+ English = Third Eye Chakra
+ ස්ථානය = පිටියුටරි ග්‍රන්ථියේ කේන්ද්‍රයේ

7. දම්

+ සිංහල = සහශ්‍ර චක්‍රය
+ English = Crown Chakra
+ ස්ථානය = හිස මුදුන

මෙහිදී මෙම චක්‍ර දුර්වල වූ විට ඊට අදාලව භෞතික ශරීරයට හා අධ්‍යාත්මික මනසට බලපෑම් ඇති කරන අතර චක්‍ර බලගැන්වීම සඳහා මානව ඕරාව බලසම්පන්න කිරීම සිදු කළ හැක. ඒ සඳහා විවිධ භාවනා ක්‍රම, යෝගා, ශබ්ද තරංග විද්‍යාවේ භාවිතයන්, මැණික් භාවිතය, ආධ්‍යාත්මය ක්‍රියාත්මක වන ආගමික ක්‍රියාකාරකම්, ආලෝක විද්‍යාවේ භාවිතයන්, බහුතික චින්තන ක්‍රමවේදයේ භාවිතයන්, මන්ත්‍ර විද්‍යාවේ භාවිතයන් යොදා ගත හැක. එසේම ඉහත සඳහන් කළ විවිධ ක්‍රමවේදයන්හි සංයෝජන වශයෙන් ද භාවිතයන් පවතී. උදාහරණ වශයෙන් භාවනා කිරීම සඳහා සුදුසු මැණික් වර්ග භාවිතා කිරීම හැඳින්විය හැකිය.

මෙහිදී අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ විවිධ ක්‍රමවේද භාවිතා කිරීම තුලින් චක්‍ර අවධි කර ගැනීම සඳහා උත්තේජනයක් ලබාදීම සිදු වුව ද සප්ත චක්‍ර පද්ධතිය පරිපූර්ණ වශයෙන් අවධි වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ  ඔබේ ආධ්‍යාත්මික දියුණුව යි. ඒ සඳහා කළ හැකි ඉහළම ක්‍රියාකාරකම භාවනා කිරීමයි. නමුදු පෙර ආත්ම භව වලදී හෝ පුරුදු පුහුණු නොකල පුද්ගලයින් චක්‍ර අවදි කරගැනීම සඳහා භාවනා කිරීමේදී නිවැරදි ගුරුවරයකු ගේ උපදෙස් මත එම භාවනාවන් කරන ලෙස මා ඉල්ලා සිටිමි.

මානව ඕරාව සහ චක්‍ර පිළිබඳ ව කිසියම් වූ අවබෝධයක් ඉහත කරුණු මත ඔබට ලැබෙනු ඇත. මානව ඕරාව දුර්වල වීම තුළින් මුලින්ම මානසිකව බලපෑම් ඇතිවන අතර ඒ හරහා භෞතික ශරීරයට ද බලපෑම් ඇති කරයි. උදාහරණ වශයෙන් ඔබ තුළ වෛරය, ඊර්ෂ්‍යාව වැනි ඍණාත්මක හැඟීම් ඇති වන විට ඔබගේ හදවත‍් චක්‍රයට අදාළ ඕරාවේ හරිත වර්ණය දුර්වල ලෙස පෙන්නුම් කරයි. එය මානසික බලපෑමකි. එසේම ඔබගේ හෘදය ආශ්‍රිතව රෝගාබාධයක් පවතී නම් ඔබගේ හෘද චක්‍රය ට අදාළව මානව ඕරාවේ හරිත වර්ණය දුර්වල ලෙස පෙන්නුම් කරයි. එය භෞතික බලපෑමකි. එසේනම් මානව ඕරාව උත්තේජනය කළ හැකි නම්, මෙම මානසිකව හා භෞතිකව ඇතිවන රෝගාබාධ හෝ ගැටළු සඳහා එය උපකාරි වන බව දැන් ඔබට පැහැදිලි වනු ඇත.

මෙවැනි මානව ඕරාව දුර්වල වීම නිසා ඇතිවන රෝගාබාධයන් හෝ මානසික තත්වයන් අවම කරගැනීම හා වළක්වා ගැනීම සඳහා මානව ඕරාව උත්තේජනය කළ හැකි විවිධ මැණික් පාෂාණ භාවිතය පුරාණ කාලයේ පටන් සිදුකරයි. ඒවා සම්බන්ධයෙන් ජෝතිෂ්‍යය ශාස්ත්‍රයේ මෙන්ම, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේද පුරාණ සෘෂිවරුන් විසින් සදහන් කොට ඇත. එසේම වර්තමානය වන විට විවිධ අරමුණු සඳහා මැණික් භාවිතා කිරීමේදී පුද්ගල ඕරාව උත්තේජනය කිරීම සඳහා මැණික් භාවිතා කිරීමට පුද්ගලයන් පෙළඹ ඇත. නමුත් මෙම කාරණාව ඇතැම් පුද්ගලයින් සෘණාත්මක අලවිකරණ කටයුතු සඳහා භාවිතා කරන අතර ඇතැම් පුද්ගලයින් උපරිම සද්භාවයෙන් සිදුකරනු ලබයි.  මානව ඕරාව උත්තේජනය කිරීම සඳහා මැණික් භාවිතය සම්බන්ධව ඉදිරි ලිපි වලදී බලාපොරොත්තු වන්න.

©astrogem_lanka කතෘ අයිතිය සුරකින්න

Tagged : / /