සෙනසුරු සහ කාක නිල් මැණික්

සෘෂිවරුන් විසින් ජොතිෂය ශාස්ත්‍රය තුළ සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් නිර්දේශ කොට ඇති මැණික් විශේෂය වේ. කුරුවින්ද පවුලේ පවතින මැණික් විශේෂයන් අතරින් තවත් එක් සුවිශේෂි වූ මැණික් විශේෂයක් ලෙස කාක නිල් මැණික හඳුන්වනු ලබයි.

ජෝතිෂ්‍යය ශාස්ත්‍රයේ දී ප්‍රභලව භාවිතාවන, මානව ශරීරය තුළ ශක්ති ක්ෂේත්‍ර උත්තේජනය කිරීම මගින් මිනිසාගේ යහපැවැත්ම උදෙසා භෞතිකව යොදා ගත හැකි ස්වභාවධර්මයේ වටිනා නිර්මාණයක් ලෙස කාක නිල් මැණික හැඳින්විය හැක.

කාක නිල් මැණික පියවි ඇසට කළු වර්ණයෙන් පෙනුනද, එම මැණික තුළ පවතින්නේ නිල් වර්ණයයි. කුරුවින්ද පවුලේ මැණික් තුළ පවතින ඇලුමිනියම් ඔක්සයිඩ් ප්‍රධාන රසායන සංයුතිය සමග iron සහ titanium යන මූල ද්‍රව්‍ය ප්‍රභලව සංයෝගවී මෙම මැණික් විශේෂය නිර්මාණය වී ඇත. කාක නිල් මැණික පැලඳීමේදී ප්‍රධාන වශයෙන්ම සැලකිය යුතු සාධකය වන්නේ නිල් වර්ණයෙහි පවතින ප්‍රබලතාවය නිසා කලු වර්ණයෙන් දිස් වන ස්වභාවයයි. එමගින් මෙම මැණික් විශේෂය තුළ පවතින කම්පන තරංග ශක්තිය මගින් සෙනසුරුගෙ ශක්තිය ජනනය කරන අතර මෙම මැණික් විශේෂය තුළ පවතින රසායනික ශක්තිය හා කම්පන තරංග ශක්තිය මගින් මිනිසාගේ ස්නායු පද්ධතිය උත්තේජනය කරයි.

කාක නිල් මැනික් මැඩගස්කරය, ටැංසානියාව, ස්ට්‍රේලියාව ආදී විවිධ රටවල හමුවුවද ශ්‍රී ලංකාව තුළ හමුවන කාක නිල් මැණික් තුළ පවතින කම්පන තරංග ශක්තිය සුවිශේෂී වේ. ශ්‍රී ලංකාව තුළ හමුවන කාක නිල් මැණික් සඳහා ඉහළ මිලක් වෙළඳපොල තුළ නිර්මාණය වී ඇත්තේ ද ඒ නිසාවෙනි. ආධ්‍යාත්මික ගවේෂණ අනුව ශ්‍රී ලංකාව තුළ හමුවන මැණික් තුළ පවතින ප්‍රාණ ශක්තිය, ශක්තිය අවශෝෂණය කර ගැනීම හා විමෝචනය කිරීමේ හැකියාව මිනිස් ශරීරයට යෝග්‍ය ලෙස නිර්මාණය වී ඇත.

විශේෂයෙන්ම ඕනෑම පුද්ගලයකු අවබෝධ කරගත යුතු කාරණය නම්, ඕනෑම ආකාරයක ශක්තියක් අපගේ මනස තුළින් නිර්මාණය කරගත හැකි අතර සියලුම දේට වඩා බලවත් වන්නේය මානසික ශක්තිය යි. එසේම මෙම විශ්වය තුළ පවතින විවිධ නිර්මාණ තුළ විවිධ ශක්තීන් පවතින අතර ඒවා මිනිසාගේ යහපැවැත්ම උදෙසා භෞතිකව යොදාගත හැක. මැණික් යනු එලෙස විවිධ ශක්තීන් ගැබ්ව පවතින විශේෂිත විශ්ව නිර්මාණයකි. එලෙස මනසින් තමාගේ යහපැවැත්ම උදෙසා අවශ්‍ය කරන ශක්තීන් නිර්මාණය කරගත නොහැකි අවස්ථා වලදී , ස්වභාවධර්මයේ මෙවැනි භෞතික නිර්මාණ යොදාගනිමින් මිනිසාගේ යහපැවැත්මට උපකාරී කරගත හැක. අන්ධ භක්තියෙන් ක්‍රියා නොකරමින්, අවබෝධයෙන් යුතුව ජිවත් වෙමු.

කතෘ අයිතිය සුරකින්න ©Astro_gem_lanka

කතෘ ©එල් එන් ඩී ලියනගේ

Tagged : / /