ගෝමේද මැණික්



මැණික් වර්ග විශාල ප්‍රමාණයක් තිබුණද, සාමාන්‍ය ජනයා අතර පවා නිතර භාවිතා වන මැණික් නාමයක් ලෙස “ගෝමේද” යන නාමය හැඳින්විය හැක. විශේෂයෙන්ම රාහු ග්‍රහයා වෙනුවෙන් පළඳිනු ලබන මැණික් විශේෂය ලෙස සුලභව හඳුන්වනු ලබයි.

ගෝමේද යනු රබහ පවුලේ මැණික් කුලකයක් වන අතර කහ මිශ්‍ර තැඹිලි වර්ණයේ සිට රතු මිශ්‍ර තැඹිලි වර්ණය දක්වා වර්ණ පරාසයක විහිදුණු grossularite මැණික් පවුලේ සාමාජිකයෙකි. මෙම Nesosilicate පවුලේ මැණික් විශේෂයක් වන අතර සිලිකන් ඔක්සයිඩ් මූලද්‍රව්‍ය සමග ඇලුමීනියම්, කැල්සියම් යන මූලද්‍රව්‍ය සංයෝජනය වී නිර්මාණය වී ඇත. එසේම, ගෝමේද මැණික ඝනාකාර ස්පඨික (cubic crystal system ) ස්වරූපයට අයත් වන අතර ශ්‍රී ලංකාව, මැඩගස්කරය, ඉන්දියාව, ටැන්සානියාව, බ්‍රසීලය, ග්‍රීසිය, ඉතාලිය, පෝලන්තය, රුසියාව, ඇමරිකාව, චීනය, තායිවානය, ඇෆ්ගනිස්තානය , කැනඩාව වැනි රටවලින් හමු වී ඇත. එසේම, මෙය සිනමන් ස්ටෝන් (cinnamon stone) ලෙස ද හදුන්වනු ලබයි.

එසේම මෙම මැණික් පවුලේ දුර්ලභ මෙන්ම අලංකාරය අතින්ද ඉහළ, සාපේක්ෂව මිල අධික විශේෂයක් ලෙස රත්න ගෝමේද (Spessartite, Spessartine) හැඳින්විය හැක. සාපේක්ෂව ගෝමේද මැණික් විශේෂයට වඩා අලංකාරය අතින් ඉහළ වන අතර වර්තනාංකය ද ගෝමේද මැණික් ට වඩා ඉහළ අගයක් ගනී. එබැවින් ගෝමේද ද මැණික ට වඩා ඉහළ දීප්තියක් රත්න ගෝමේද මැණික තුළ පවතී. සිලිකන් ඔක්සයිඩ් මූලද්‍රව්‍ය සමග මැංගනීස් සහ ඇලුමිනියම් යන මූලද්‍රව්‍ය සංයෝජනය වී මෙම මැණික් විශේෂය නිර්මාණය වී ඇත.

විශේෂයෙන්ම ගෝමේද මැණික රාහු ග්‍රහයා වෙනුවෙන් පළඳිනු ලබන මැණික් විශේෂය වේ. ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුකූලව මැණික් පැලැඳීම ග්‍රහ අපල සඳහා යොදා ගැනෙන අතර අතීතයේදී හෙළ වෙද මහතුන් විසින් රෝග නිවාරණය සඳහා ද මැණික් නිර්දේශ කොට ඇත. වැඩිදුර අධ්‍යයනය කරගෙන යාමේ දී පැහැදිලි වන්නේ, මැණික් තුළ පවතින කම්පන තරංගමය හා රසායනික ශක්තියත්, රෝග නිවාරණය සඳහා මැණික් භාවිතයත්, ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුකූලව ග්‍රහ අපල සඳහා මැණික් පැළඳීමත් යන සියලු කාරණා එකිනෙකට සම්බන්ධ බවයි. උදාහරණ ලෙස කුජ රවි උප්පත්ති කේන්ද්‍රයේ පීඩාකාරී ආකාරයේ සිටින විට බොහෝ අවස්ථාවලදී එවැනි පුද්ගලයන් හට රක්තහීනතාවය පවතී. එවැනි අවස්ථාවකදී රතු කොරල් හෝ රතු මැණික් පැලඳීම සිදු කරනු ලබයි. රතු මැණික් තුළ පවතින chromium යන මූලද්‍රව්‍ය වල බලපෑමත්, රතු මැණික් තුළ පවතින කම්පන තරංගමය ශක්තියේ බලපෑම ත්, එම රෝගය සුව කිරීම සඳහා උපකාරී වේ. එලෙස, මෙම සියලු විද්‍යාවන් අතර එකිනෙකට සම්බන්ධතාවක් පවතී.

රාහු ග්‍රහයා පීඩාකාරී ලෙස පවතින අවස්ථාවල් වලදී ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව අරමුණකින් තොරව ඇවිදීමට පොලඹවන, දුර්වල බුද්ධියකින් යුතුව කටයුතු කිරීමට පත්වන, සුරා සූදුවට ලොල් බව වැඩි කරන , කෝපයට පත්වන, ආහාර විෂවීම් ඇතිවන, සමේ රෝගය ඇතිවන තත්වයක් පවතී. ගෝමේද මැණික් තුළ පවතින කම්පන තරංගමය ශක්තිය ශරීරය සංසරණ ක්‍රියාවලියෙන් සමබර කිරීමට දායක වන බැවින් කලබලකාරී නොසන්සුන් ගතිය අවම කිරීමට දායක වන අතර යක්ෂ ප්‍රේත දෝෂ වලින්ද ආරක්ෂා කරයි. එසේම ගෝමේද මැණික් තුළ පවතින රසායනික ගුණ සමේ ආසාදන ඇතිවීම වැළැක්වීම, පිළිකා, මනෝ ව්‍යාධිය වැනි තත්වයන් සමනය කිරීමට ද උපකාරී වේ.

අවබෝධයෙන් යුතුව පළඳින්න. ඔබට ජය!

කතෘ © එන්. ඩී. ලියනගේ
© කතෘ අයිතිය සුරකින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *