පුෂ්පරාග

ජෝතිෂ කරුණු අරමුණු කරගෙන මැණික් පැළඳීමේදී නැතුවම බැරි මැණික් විශේෂයක් ලෙස පුෂ්පරාග බහුලව භාවිතා වේ. එලෙසම ලොව පුරා ආභරණ සඳහා බහුලව භාවිතා වන කුරුවින්ද පවුලට අයත් රන්වන් කහ පැහැයේ සිට අඩු කහ පැහැය දක්වා වර්ණ පරාසයන්ගෙන් සමන්විත ඉතා අනර්ඝ මැණිකක් ලෙස පුෂ්පරාග හැඳින්විය හැක. කුරුවින්ද පවුලෙ මැණික් වල ප්‍රධාන වශයෙන් අඩංගුව ඇති ඇලුමිනියම් ඔක්සයිඩ් රසායන සංයුතිය සමග අයන් වර්ණ රසායනය අඩු වැඩි වශයෙන් අඩංගු වීම තුළින් මෙම මැණිකට කහ වර්ණය ලැබී ඇත. මෙහි රන්වන් කහ පැහැයෙන් යුතු පුෂ්පරාග මැණික් ඉතා මිල අධික වන අතර ගුණාත්මක භාවයෙන් වැඩි අලංකාර පුෂ්පරාග මාණික්‍යයන් බහුලව හමුවන ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැක. එසේම මැඩගස්කරය, ටැංසානියාව, ඉතියෝපියාව, මියන්මාරය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, අප්‍රිකාව වැනි රටවල ද සාමාන්‍යය ගුණාත්මකභාවයකින් යුතු පුෂ්පරාග හමුවේ. ජ්‍යොතිෂය භාවිතයේදී ගුරු ( බ්‍රහස්පති ) ග්‍රහයා සඳහා නියමිතව ඇති මැණික ලෙස පුෂ්පරාග නිරන්තරයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුළ පැළඳීමට යොදාගනී. එමෙන්ම ඇතැම් රෝගාබාධ සඳහාද ස්ඵටික සුව කරන්නන් විසින් පුෂ්පරාග පැළඳීම නියම කරනු ලබයි. ඇතැම් පුද්ගලයින් අලංකාරය සඳහාත්, ධනවත් භාවය පෙන්වීම සඳහාත්, ආයෝජන වශයෙන් ද පුෂ්පරාග මිලදී ගැනීම දැකගත හැක. ආයෝජන වශයෙන් මිලදී ගැනීමේදී ගුණාත්මකභාවයෙන් ඉහළ, අනාගත වෙළඳපල අගය ඉහළ යා හැකි යැයි උපකල්පනය කළ හැකි, මැණික් මිලදී ගැනීම සිදුකරනු ලබයි. මැණික් ව්‍යාපාරයෙ යෙදෙන වෙළදුන් හැරුණුකොට ආයෝජන අරමුණින් මැණික් මිලදී ගැනීම, මෑත කාලයේ දී ඇති වූ නව ප්‍රවණතාවයකි. පුෂ්පරාග මැණිකහි ඇති වර්ණ තරංගමය ශක්තිය, රසායනික සුව කිරීමේ හැකියාව හා කම්පන ශක්තිය මගින් විවිධ ආකාරයෙන් මිනිසාගේ භෞතික ශරීරය සහ ආධ්‍යාත්මික ශරීරය සමග ක්‍රියා කිරිම නිසා විවිධ ප්‍රතිලාභ ලබාගත හැකිවේ.
පුෂ්පරාග මැණිකහි පවතින වර්ණ තරංගමය ශක්තිය හා කම්පන ශක්තිය මගින් මනිපුර චක්‍රය උත්තේජනය කරන බැවින් එය මානසික ඒකාග්‍රතාවය වැඩිදියුණු වීම, ආමාශය හා වකුගඩු ආශ්‍රිත රෝගාබාධ අවම වීම, ඥාන සම්පන්නව සිතීමේ හැකියාව, ශරීරයේ සංසරණ පද්ධතීන් හි නිසි ක්‍රියාකාරීත්වය ඇතිවීම වැනි බොහෝ ප්‍රතිලාභ හිමිවේ. එසේම පුෂ්පරාග මැණිකහි ඇති රසායනික සුව කිරීමේ හැකියාව මගින් යකඩ ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා එය අවම කර ගැනීම සඳහා උපකාරී වේ. එසේම වර්ණ තරංගමය හා කම්පන ශක්තිය මගින් ගුරු ග්‍රහයාගේ ශක්තිය ජනනය කරන බැවින් ජ්‍යොතිෂයේදී ඉතා බහුලව පුෂ්පරාග මැණික භාවිතා වෙයි. එසේම භෞතික ශරීරයට හා ආධ්‍යාත්මික ශරීරයට එල්ල වන අහිතකර කිරණ වලින් ආරක්ෂා වීමට ද මෙහි ඇති තරංගමය ශක්තිය උපකාරී වේ. ජ්‍යොතිෂයේදී මැණික් නියම කිරීම් පුරාණ ඍෂිවරුන් විසින් ග්‍රහ තරංග මගින් ඇතිවන බලපෑම, මැණික් තුළින් නිකුත් වන ශක්තිය හා ගුණ නුවණින් දැක, ඉදිරි පරම්පරාවන් සඳහා සටහන් කොට ඇති අතර ඇතැම් ඥාන සමුදායන් පරම්පරාවෙන් පරම්පරාවට කට වහරින් දායාද වේ. ඉදිරි ලිපි වලදී මැණික් සම්බන්ධ සුවකිරීම් හා භාවිතයන් පිළිබඳ පළ කිරීමට බලාපොරොත්තු වන්නෙමු

කතෘ අයිතිය සුරකින්න ©astro_gem_lanka

දුරකථන,
+94 76 62944 53 ( වයිබර් / වට්ස්ඇප් )
වෙබ් අඩවිය,
astrogemlanka.weebly.com
විද්‍යුත් තැපෑල,
astrogemlanka@gmail.com

Tagged : /

මැණික් හා ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය

අලංකාරය, දුර්ලභත්වය හා දෘඩතාවය යන ප්‍රධාන ලක්ෂණ තුනෙන් සමන්විත ආභරණ සෑදීම හෝ වෙනත් සැරසිලි සඳහා යොදා ගැනෙන පාෂාණ හෝ තෝරාගත් අස්ඵටික ද්‍රව්‍ය මැණික් ලෙස හැඳින්විය හැක. අස්ඵටික යනුවෙන් හදුන්වනුයේ ස්ඵටික ස්වරූපයෙන් නොවූ සත්ව කොටස් හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ට ලක් වී නිර්මාණය වූ මැණික් විශේෂයි. උදාහරණ වශයෙන් මුතු, කොරල්, ඇම්බර්, ජෙට්, ඇමලයිට් වැනි මැණික් විශේෂ ගත හැක.

2500කට අධික මැණික් වර්ගයන් දැනට ලොව පුරා සොයාගෙන ඇත. නමුත් ආභරණ සඳහා යොදාගැනෙන්නේ මැණික් වර්ග කිහිපයකි. ඊට හේතුව ඇතැම් මැණික් වර්ග වල පවතින දුර්වල දෘඩතාවය නිසාය. ඇතැම් මැණික් වර්ග අලංකාරය, දුර්ලභ බව යන මැණිකක් සතු ප්‍රධාන ලක්ෂණ තුනෙන් දෙකක්ම අඩංගු වුවත්, දෘඩතාවයේ පවතින දුර්වලකම නිසා ආභරණ සඳහා යොදා නොගැනෙන අතර වටිනාකමින්ද අඩු අගයක් ගනී. 

ඇතැමුන් අලංකාරය සඳහා මැණික් මිලදී ගනියි. තවත් සමහරක් පිරිස තම ධනවත් භාවය, පොහොසත් භාවය පෙන්වීම සඳහා භාවිතා කරයි. තවත් සමහරක් ආයෝජන ලෙස මැණික් මිලදී ගනු ලබයි. ඒ වගේම අහිතකර කිරණ වලින් ආරක්ෂා වීම සඳහා ඇතැමුන් මැණික් භාවිතා කරයි. තවත් පිරිසක් මැණික් සතුව ඇති සුව කිරීමේ හැකියාව නිසා ඖෂධයක් ලෙස භාවිතා කරයි. කෙසේ හෝ අතීතයේ සිට අද දක්වා මැණික් කර්මාන්තය නොනැසී ඉදිරියට ගමන් කරයි. 

මැණික් සම්බන්ධව කතා කිරීමේදී ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රධාන රට වන්නේ ඉන්දීය සාගරයේ මුතු ඇටය වන ශ්‍රී ලංකාවයි. අතීතයේදී ශ්‍රී ලංකාව රත්නදීපය ලෙස හඳුන්වනු ලැබුවේ ඉතා දුර්ලභ, වටිනාකමින් වැඩි, ගුණාත්මකභාවයෙන් ඉහල බොහෝ මැණික් වර්ගයන් ශ්‍රී ලංකා භූමිතලය තුළින් හමුවූ බැවින්ය. එමෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ පැරණිම වෙළදාම ලෙස මැණික් ව්‍යාපාරය හඳුනාගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් වෙනත් රට වලට මැණික් අපනයනය කර ඇති බවට ඉතිහාස සාක්ෂි සාධක වල පවා සටහන් වී ඇත. ශ්‍රී ලංකාව තුළ බහුලව උසස්ම ගණයේ කුරුවින්ද පවුලේ මැණික් පඩියන් අඹතෙස් හා අනෙකුත් බොහෝ වර්ගයන්හි මැණික් හමුවූ බව මාකෝපෝලෝගෙ සටහන්වල දක්වා ඇත. එමෙන්ම දෙවන ශතවර්ෂයේ කුරුවින්ද පවුලේ සහ තරිප්පු පවුලේ මැණික් හමුවන ප්‍රධානම ස්ථානය ලෙස ශ්‍රී ලංකාව පී ටොලමි විසින් සඳහන් කර ඇත. 

කතෘ අයිතිය සුරකින්න ©astro_gem_lanka

දුරකථන,
+94 76 62944 53 ( වයිබර් / වට්ස්ඇප් ) 
වෙබ් අඩවිය, 
astrogemlanka.weebly.com 
විද්‍යුත් තැපෑල,
astrogemlanka@gmail.com

Tagged : / /

නිල් මැණික්

මැණික් කුලයන් තුළ අනර්ගතම මිණිකැටයක් වූ නිල් පැළඳීමෙන් පුද්ගලයකුට මුදුන්පත් කරගත හැකි අභිලාෂයන් බලාපොරොත්තු බොහෝ ඇති බව අත්දැකීමෙන් හා ජෝතිෂ්‍යවිදයානුකුලව විග්‍රහ කර ඇති අතර යම් අයෙකුගේ කීර්තිය හා ප්‍රසිද්ධිය ලඟා කරගැනීමට නිල් මැණික් පැළඳීමෙන් මහත් වූ ප්‍රතිපල ලබාගත හැකි බව පෙර අපරදිග වෙසෙන සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ජීවිත තුලින් පෙන්වාදී ඇත.

ඇතැම් ආගමික පූජකවරුන් , ජ්‍යෝතිෂවේදීන්, දේශපාලකයන්, කලාකරුවන්, ව්‍යාපාරිකයින් මෙන්ම ලොවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටින්නන්ගේ තේරීම වී ඇත්තේ නිල් මැණික් ය. 

සිතේ පවතින ව්‍යාකුලතාවයන් සමනය කර ඉවසීම , සන්සුන්බව ප්‍රගුනකිරීමට සහය වීම නිල් මැණික් සතුව ඇති විශේෂ ගුණාංගයකි.

ඉහත කී කාරණා සඳහා විශේෂයෙන් ම බලපානු ලබන්නේ නිල් මැනික් සතුව ඇති වර්ණ තරංගමය ශක්තිය, කම්පන ශක්තිය හා රසායනික සංයුතියේ ඇති සුව කිරීමේ හැකියාව වැනි ගුණාංග වේ. 

නිල් මැණික තුළ ඇති වර්ණ තරංග ශක්තිය කම්පන ශක්තිය හා මුසු වී සෙනසුරු ග්‍රහයාගේ ශක්තිය ජනනය කිරීමට හැකිවීම නිසා සෙනසුරු ග්‍රහයාගේ බලපෑම් අවම කිරීමට උපකාරී වේ. 

නිල් මැණික තුළ පවතින කම්පනය ශක්තිය නිසා ශරීරයෙහි සංසරණ පද්ධතීන් හි නිසි ක්‍රියාකාරිත්වයට දායක වීම නිසා මානසික පීඩනය අවම වීම සංසරණ පද්ධතීන් හි නිසි ක්‍රියාකාරීත්වය ඇති කිරීම වැනි සෞඛ්‍යයට යහපත් ගුණාංග රැසක් නිල් මැණික තුළ පවතී. 

එමෙන්ම නිල් මැණික තුළ පවතින ඇලුමිනියම් ඔක්සයිඩ් හා iron titanium යන මූලද්‍රව්‍ය වල රසායනික බලපෑම මත විවිධ රෝගාබාධයන් සුව කිරීමට නිල් මැනික් සතුව හැකියාව ඇත. 

එමෙන්ම නිල් මැනික් විශුද්ධි හා ආඥා යන චක්‍ර උත්තේජනය කරන බැවින් උගුර හා නළල ආශ්‍රිත රෝගාබාධයන් සුව වීමේ හැකියාවක් පවතින අතර සන්නිවේදන හැකියාව වැඩි දියුණු වෙයි

කතෘ අයිතිය සුරකින්න ©astro_gem_lanka


දුරකථන,
+94 76 62944 53 ( වයිබර් / වට්ස්ඇප් ) 
වෙබ් අඩවිය, 
astrogemlanka.weebly.com 

විද්‍යුත් තැපෑල,

astrogemlanka@gmail.co

Tagged :